Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවතට

හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවතට

හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවතට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට පොලීසිය පියවරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ මින්පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන් පළාත් සභා නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් මෙසේ ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ හිටපු විපක්ෂනායකට ලබාදී ඇති ආරක්ෂාව නොවෙනස්ව ලබාදී තිබේ.

එසේම වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනූව සහ අධිකරණ නියෝග මත ආරක්ෂාව ලබාදී ඇති හිටපු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහ හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ආරක්ෂාව නොවෙනස්ව පවතින බවද අදාළ නිවේදනයෙහි දැක්වෙයි.

Exit mobile version