Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කමිදු මෙන්ඩිස්ගේන් ලෝක වර්තාවක්: චන්දිමාල්ගෙන් ශතකයක්

කමිදු මෙන්ඩිස්ගේන් ලෝක වර්තාවක්: චන්දිමාල්ගෙන් ශතකයක්

කමිදු මෙන්ඩිස්ගේන් ලෝක වර්තාවක්: චන්දිමාල්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද එනම් බ්‍රහස්පතින්දා දින (26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

මෙම තරගාවලියේ පළමු තරගය ලකුණු 63කින් ජය ගත් ශ්‍රී ලංකාව තරග 1ට 0ක් ලෙස මේ වනවිට තරගාවලියේ පෙරමුණේ පසුවෙයි.

කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
නවක දඟ පන්දු යවන ක්‍රීඩක නිෂාන් පීරිස් මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 2කට සීමා කරමින් පැතුම් නිස්සංක එක් ලකුණකට පිටියෙන් ඉවත් විය.
දෙවැනි කඩුල්ලට දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් එක් කළ සබදතාවය ලකුණු 122කි. දිමුත් ලකුණු 46ක් ලබා ගත්තේය. දිනේෂ් චන්දිමාල් 15වැනි ටෙස්ට් ශතකය සමග ලකුණු 116ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට 4 පහර 15ක් ඇතුළත් විය. ඇන්ජලෝ මැතිව්ස් 44වැනි ටෙස්ට් අර්ධ ශතකය සමග නොදැවී ලකුණු 78ක් ලබා ගත්තේය.

පළමු දිනය සදහා තරගය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුළු 3කට රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 306ක්. කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 51කි.

කමිඳු අද වාර්තා අතරට එක්වුණේ මංගල ටෙස්ට් තරගයේ සිට අඛණ්ඩව වැඩිම අවස්ථා ගණනකදී ලකුණු 50 සීමාව පසු කළ පිතිකරුවා ලෙසයි.

ඔහු තරග 8කදී එම දක්ෂතාවය පෙන්නුම් කළේය.

Exit mobile version