Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශ්ව විද්‍යාලවලට නවක සිසුන් ලියාපදිංචිය ඇරඹේ

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචි කිරීම සැප්තැම්බර් 21 වන සෙනසුරාදා දින සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඒ අනුව, ඊට අදාළ තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බව, සභාපතිවරයා සඳහන් කළේය. ලබන දෙසැම්බර් මාසයට පෙර සිසුන් විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනීමට නියමිතය.

2023 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු පසුගියද සිකුරාදා දින (20) නිකුත් කෙරුණි.

මේ අතර සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අගහරුවාදා යළි විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව, නේවාසිකාගාරවලට ළමුන්ට අනිද්දා පැමිණිය හැකි බව පාලනාධිකාරිය තව දුරටත් පවසයි.

Exit mobile version