Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවී කටයුතු කරනවා – අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවී කටයුතු කරනවා - නව ජනාධිපති අනුර කුමාර දිසානායක

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවී කටයුතු කරනවා - නව ජනාධිපති අනුර කුමාර දිසානායක

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමක් කිරීම සඳහා උපරිමයෙන් කැපවී කටයුතු කරන බව නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව පැවසීය.

රට තුළ යහපත් දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට කටයුතු කරන බවද නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

තමා විශ්වාස නොකළ ජනතාව තුළ විශ්වාසය ඇති වන ආකාරයෙන් කටයුතු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් මාව ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගෙන තියෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනතාවගේ ජනවරම සුහදව පිළිඅරන් මේ ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම, එතුමාගේ ආදර්ශයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් මාගේ උපරිම කැපවීම මාගේ ධුරකාලය ඇතුළත පෙන්නුම් කිරීමට මම සුදානම්. අපි ඉතා ගැඹුරින් තේරුම් අරන් තියෙනවා අපිට ලැබෙන්නේ ඉතාමත් අභියෝගාත්මක රටක්. ඒ ගැඹුරුතම අභියෝගයෙන් හුදු ආණ්ඩුවකට, දේශපාලන පක්ෂයකට හෝ හුදු පුද්ගලයෙකුට පියමං කළ හැකි දෙයක් ලෙස මං දකින්නේ නෑ.

මා ඉන්ද්‍රජාලිකයෙකු නොවෙයි. මා මැජික්කරුවෙක් නොවෙයි. මා මේ රටේ ඉපදුන සාමාන්‍ය පුරවැසියෙක්. හැකියාවන් තියෙනවා නොහැකියාවන් තියෙනවා. දන්න දේවල් තියෙනවා නොදන්න දේවල් තියෙනවා. මාගේ ප්‍රමුඛතම කාර්යය හැකියාවන් උරාගෙන දන්න දේ එක්රැස් කරගෙන වඩාත් හොඳ තීරණ ගෙන මෙම අර්බුදය නිමා කිරීමයි.

අපි ලෝකයේ හුදකලා විය යුතු රාජ්‍යයක් නෙමෙයි. ලෝකයත් සමග සාමුහිකව ඉදිරියට යා යුතු රාජ්‍යයක්. ඒ පිළිබඳ අවශ්‍ය තීන්දු තීරණ ගන්න අපි කිසිසේත්ම පැකිලෙන්නේ නෑ. අවසන් වශයෙන් කියන්න කැමතියි, ජයග්‍රහණයේ සංයුතිය හා ප්‍රමාණය පිළිබඳව අපට ඉතා හොඳ අවබෝධයක් තියෙනවා. එනිසා මාගේ පාලන කාලය තුළ මට පැවරී තිබෙන කාර්ය තමයි අපිට සහාය නොදුන්, අපිව විශ්වාස නොකරන පුරවැසියන්ගේ සහාය ලබාගැනීම හා විශ්වාසය ගොඩනගා ගැනීම. ඒ කාර්යය සාර්ථව සිදුකළ හැකියි කියලා විශ්වාසයක් තියෙනවා. ඉදිරියේ දී ඔබට ඒ සියලු දේ අත්විඳීමට හැකි වෙයි. ඒ වෙනුවෙන් සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරනවා.”

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පසුගිය 21 වනදා පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 5,740,179ක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය හිමිකරගනු ලැබීය.

Exit mobile version