Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු අයට තවමත් ඒ සඳහා අවස්ථාව පවතියි

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු අයට තවත් ඒ සඳහා අවස්ථාව පවතියි

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු අයට තවත් ඒ සඳහා අවස්ථාව පවතියි

මේ අතර 2024 ජනාධිපතිවරණයට අදාළ මෙතෙක් නොලැබුණු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඊයේ එනම් සිකුරාදා (20) දිනයේත් තමන්ට ආසන්න තැපැල් කාර්යාලයෙන් ලබා ගැනීමට ඡන්ද දායකයින්ට පහසුකම් සලසා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ සෙනසුරාදා (21) දිනයේත් ඒ සඳහා අවස්ථාව පවතින බවයි.
සිය අන්‍යතාව තහවුරු කර පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඒවා ලබා ගත හැකියි.

කෙසේ වෙතත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද හැඳුනුම්පත රැගෙන යාමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව මහජතාවට දැනුම් දෙයි.

Exit mobile version