Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 දෙවන කාර්තු‌වේ දී ලංකාවේ ආර්ථිකයේ 4.7%ක වර්ධනයක්

2024 දෙවන කාර්තු‌වේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.7%ක වර්ධනයක්

2024 දෙවන කාර්තු‌වේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.7%ක වර්ධනයක්

2024 වර්ෂයේ දෙවන කාර්තු‌වේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.7ක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කළේය.

ඒ අනුව, 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,644,240ක් ලෙස වාර්තා වී තිබූ අතර එය 2024 වර්ෂයේ දෙවන කාර්තුවේදී රු. මිලියන 2,768,293ක් දක්වා ඉහළ ගොස් ඇත.

2024 වර්ෂයේ දෙවන කාර්තුවේදී කෘෂිකාර්මිල කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 1.7, සියයට 10.9ක් සහ සියයට 2.5ක් වශයෙන් ධන වර්ධනයන්ද වාර්තා කර තිබුණි.

Exit mobile version