Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීතීඥ සංගමයේ වැඩබලන සභාපති ලෙස ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා පත්කර තිබෙනවා.

ඒ, එහි හිටපු සභාපති ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.

දූෂණ විරෝධී වැඩසටහනක් වෙනුවෙන් ජපානයේ ජයිකා ආයතනයෙන් ලැබුණු මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් කෞෂල්‍ය නවරත්න ඇතුළු පිරිසකට චෝදනා එල්ල වීමෙන් පසු ඔහු නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එම සංගමයේ නීතීඥ කවුන්සිලය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගෙන තිබුණා.

Exit mobile version