Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමෙරිකාවෙන් බංග්ලාදේශයට ඩොලර් මිලියන 202ක ප්‍රධානයක්

ඇමෙරිකාවෙන් බංග්ලාදේශයට ඩොලර් මිලියන 202ක ප්‍රධානයක්

ඇමෙරිකාවෙන් බංග්ලාදේශයට ඩොලර් මිලියන 202ක ප්‍රධානයක්

ඇමෙරිකාව බංග්ලාදේශයට ඩොලර් මිලියන 202ක ප්‍රධානයක් ලබාදීමට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතය මෙලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 202.25ක මුදලක් ලබාදීමට අදාළ ගිවිසුමට ඉරිදා දිනයේ (15) අත්සන් තැබූ බවයි එරට මාධ්‍ය පවසන්නේ.

එමෙන්ම සංවර්ධන අරමුණු ප්‍රධාන ගිවිසුමේ කොටසක් ලෙස බංග්ලාදේශයට අධාර වශයෙන් මෙම මුදල ලබාදෙන බව ඇමෙරිකා නියෝජිතයින් සඳහන් කරනවා.

ඒ අනුව බංග්ලාදේශ ආර්ථික සම්භාදත අංශයේ අතිරේක ලේකම්වරයෙකු හා යූ එස් එයිඩ් හි දූත මණ්ඩල අධ්‍යක්ෂවරයා ගිවිසුමට අත්සන් තැබුවා.

දෙරට අතර පවත්නා සංවර්ධන අරමුණු ප්‍රධාන ගිවිසුමේ 6වන සංශෝධනය ලෙස ඊට අත්සන් තැබුණු අතර පළමු සංශෝධන 5 යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 425ක ආධාර මුදලක් ඔවුන් බංග්ලාදේශයට ලබාදී තිබෙනවා.

යහපාලනය / සමාජීය හා ආර්ථික අවස්ථා මෙන්ම ඔරොත්තුදීමේ හැකියාව යන ප්‍රධාන ක්ෂේත්‍ර 3ක් මුල්කර ගනිමින් මෙම ආධාර මුදල ලබාදෙන බව ඇමෙරිකා නියෝජිතයින් සදහන් කර සිටියි..

Exit mobile version