Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෘමීන් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ පිය, පුතුට රු.මි 60ක දඩයක්

කෘමීන් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ පිය, පුතාට රු.මි 60ක දඩයක්

කෘමීන් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ පිය, පුතාට රු.මි 60ක දඩයක්

යාල වනෝද්‍යානයේ සමනල විශේෂ ඇතුළු කෘමීන් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුතාට ශ්‍රී ලංකා රුපියල් මිලියන 60ක දඩයක් නියම කර ඇති බව වාර්තා වනවා.

එය ඩොලර් 200,000කට සමාන වන බව සඳහන්.

68 හැවිරිදි ලුයිගි ෆෙරාරි සහ ඔහුගේ 28 හැවිරිදි පුත් මැටියා පසුගිය මැයි මසදී කෘමීන් අඩංගු භාජන සමඟ අත්අඩංගුවට ගෙන තිබුණේ යාල ජාතික වනෝද්‍යානයේ ආරක්ෂකයින් විසින්.

එහිදී ඔවුන් සන්තකයේ යාල වනෝද්‍යානයේ සමනල විශේෂ 92ක් ඇතුළුව ආවේණික කෘමීන් සිය ගණනක් අඩංගු භාජන රැසක් තිබී නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස කෘමීන් එකතු කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් වූ ඔවුන්ට, වනජීවී අපරාධයක් සඳහා ඉහළම දඩය මෙලෙස නියම කර ඇති බවද සඳහන්.

Exit mobile version