Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්. 27 සිට ඔක්. 06 දක්වා

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්. 27 සිට ඔක්. 06 දක්වා

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්. 27 සිට ඔක්. 06 දක්වා

මෙවර 2024 වර්ෂයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පෙ.ව.9.00 සිට ප.ව.9.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය වන්නේ 25වන වරටය. එහි අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කිරීම සහ වෙළඳ කුටි බෙදාදීමද පසුගියදා සිදු කෙරුණි.

මෙම වසරේ ඇති අධික ඉල්ලුමත්, 25වන සංවත්සරය යෙදීම නිසාවෙනුත් මෙවර පොත් ප්‍රදර්ශනය වෙන වසරවලට සාපේක්ෂව වඩාත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය වන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සඳහන් කරයි.

Exit mobile version