Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ලබන ඔක්තෝබර් මස 26 වෙනි දින

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම වේ ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය වන්නේ 25 වන වරටය. එහි අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කිරීම සහ වෙළඳ කුටි බෙදාදීම ද පසුගිය දා සිදු කෙරුණි. මෙම වසරේ ඇති අධික ඉල්ලුමත්, 25 වන සංවත්සරය යෙදීම නිසාවෙනුත් මෙවර පොත් ප්‍රදර්ශනය වෙන වසරවලට සාපේක්ෂව වඩාත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය වන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සඳහන් කරයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම වේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ලබන ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09වැනිදා ආරම්භවූ අතර එය බ්‍රහස්පතින්දා දින (12) මධ්‍යහ්න 12න් අවසන් කෙරුණි.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 09ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා පත්‍ර භාරදී ඇත.

ජනසෙත පෙරමුණ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
සමගි ජන බලවේගය
පොදුජන එක්සත් පෙරමුණ
පොදුජන එක්සත් නිදහස් සන්ධානය
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය
ජාතික ජන බලවේගය
ජාතික ජනතා පක්ෂය
දෙවන පරපුර පක්ෂය

මේ අතර ස්වාධීන කණ්ඩායම් 02ක් නාමයෝජනා පත්‍ර භාරදී ඇති අතර ඇප තැබූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කර නොතිබුණි.

Exit mobile version