Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වහාම ක්‍රියාත්මක වනපරිදි තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 05ක් ඉවතට

ආපදාවට පත් ජනතාවට රජයෙන් ලබාදෙන රු.50,000 දීමනාව 70%කට ගෙවා අවසන් – ජනාධිපති මාධ්‍ය අංශය

ආපදාවට පත් ජනතාවට රජයෙන් ලබාදෙන රු.50,000 දීමනාව 70%කට ගෙවා අවසන් – ජනාධිපති මාධ්‍ය අංශය

වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ගීතා කුමාරසිංහ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු එලෙස සිය ධුරවලින් ඉවත් කර ඇති බවය.

සෙසු පිරිස වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක යන අය වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය ප්‍රකාරව එම ඉවත් කිරීම් සිදු කර ඇත.

ඔවුන් දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර වන්නේ:

ගීතා සමන්මලී කුමාරසිංහ – කාන්තා හා ළමා කටයුතු
ශෂීන්ද්‍ර රාජපක්ෂ – වාරිමාර්ග හා ජල සම්පාදන
තේනුක විදානගමගේ – නාගරික සංවර්ධන හා නිවාස
ප්‍රසන්න රණවීර – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන
ඩී.වී. චානක – විදුලිබල හා බලශක්ති

ඉන් ගීතා කුමාරසිංහ මහත්මිය සඳුදා දින (09) ජනාධිපති ධුර අපේක්ෂක සජිත් මහතාට සහාය පළ කරමින් මහනුවරදී ඔහුගේ රැලියකට එක්වූවාය.

මේ අතර, ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කරනු ලැබේ.

Exit mobile version