Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වඳුරු උණ ආසාදිතයෙකු ඉන්දියාවෙන්…

වඳුරු උණ සඳහා ඉහළ මට්ටමින් අවදියෙන් සිටින්න – WHO

වඳුරු උණ සඳහා ඉහළ මට්ටමින් අවදියෙන් සිටින්න – WHO

”වඳුරු උණ” හෙවත් ”එම්පොක්ස්” වෛරස ආසාධිතයෙක් ඉන්දියාවෙන් සොයාගෙන තිබේ.

එම ආසාධිතයා මේ වනවිට නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බව ඉන්දීය සෞඛ්‍ය අංශ පසුගිය ඉරිදා (08) නිකුත් කළ නිවේදනයකින් සදහන් කර ඇත. ඒ අනුව රෝගියා දිල්ලියේ සෆ්දර්ජුන් රෝහලේ හුදකලා වාට්ටුවට ඇතුළත් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

ඔහු මෑතකදි විදේශයක සිට එරටට සංක්‍රමණය වූවෙකු බව ඉන්දීය සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි.

මේ අතර එම ආසාධිතයා සමඟ සම්බන්ධතා පැවැත්වූවන් පිළිබඳව සොයා බලා අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කරන බවද සදහන් වේ.

Exit mobile version