Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපනයනකරුවන් සඳහා ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේ කාලය ලිහිල් කෙරෙයි

වසරේ මුල් මාස හය තුළ මෙරට අපනයන ආදායම ඩො.බි 9 ඉක්මවයි

වසරේ මුල් මාස හය තුළ මෙරට අපනයන ආදායම ඩො.බි 9 ඉක්මවයි

දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ කාල සීමාව සැලකිය යුතු ලෙස ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා 2024 අංක 01 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති නිකුත් කර ඇති බව සඳහන්. මෙම රීති 2024.09.04 දින පාර්ලිමේන්තුවේදී අනුමත කර තිබෙන අතර එදින සිට බලාත්මක වී තිබෙනවා.

මෙම රීති මඟින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපයීම්, අවසරලත් ගෙවීම් සඳහා භාවිතයෙන් අනතුරුව ශේෂයන් ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයයෙන් පරිවර්තනය කිරීම සඳහා අදාළ වන කාල සීමාව, අපනයන ආදායම ලැබුණු දින සිට, ලැබීම් ලද මාසය ඇතුළුව ලිත් මාස 03ක් අවසන් වීමෙන් පසු මාසයේ 10වැනි දිනය දක්වා දීර්ඝ කරනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ.

පෙර පැවති රීතිවලට අනුව අපනයන අදායම ලැබුණු දිනට පසුව එළඹෙන මාසයේ 7වැනි දින අදාළ ශේෂයන් ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන් පරිවර්තනය කළ යුතුව තිබුණු බව සඳහන්.

Exit mobile version