Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හලාල් තක්සේරු කවුන්සිලය (HAC) තායිලන්තයේ Chulalongkorn විශ්වවිද්‍යාලයේ හලාල් විද්‍යා මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමක්

හලාල් තක්සේරු කවුන්සිලය (HAC) තායිලන්තයේ Chulalongkorn විශ්වවිද්‍යාලයේ හලාල් විද්‍යා මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමක්

හලාල් තක්සේරු කවුන්සිලය (HAC) තායිලන්තයේ Chulalongkorn විශ්වවිද්‍යාලයේ හලාල් විද්‍යා මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා හලාල් තක්සේරු කවුන්සිලය (HAC),හලාල් සහතිකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීමේ අරමුණින් තායිලන්තයේ Chulalongkorn විශ්වවිද්‍යාලයේ හලාල් විද්‍යා මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමක් 2024 අගෝස්තු 28වැනි දින අත්සන් කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් සහභාගී වූ අතර එම සංචාරය සඳහා කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය විසින් අනුග්‍රහය දක්වන ලදී.

හලාල් විද්‍යා මධ්‍යස්ථානය විසින් කරනු ලබන අති නවීන පරීක්ෂණ සේවාවන් සඳහා වාණිජමය වටිනාකමක් එකතු කිරීම අරමුණු කරගත් මෙම හවුල්කාරිත්වය දෙපාර්ශ්වයටම වැදගත් සන්ධිස්ථානයක් වනු නොඅනුමානයි. GCC රටවලට අපනයනය කිරීමට නියමිත හලාල් සහතික ලත් ශ්‍රී ලාංකික නිෂ්පාදන නිසි ප්‍රමිතියෙන් යුක්ත බව සහතික කිරීමට අවශ්‍ය එතනෝල් අන්තර්ගතය පරීක්ෂා කිරීම, ඌරු මස් හෝ එහි සංඝටක අන්තර්ගත දැයි සිදුකරන පරීක්ෂාව ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය විශ්ලේෂණයන් මෙම සේවාවන්ට ඇතුළත් වේ.

හලාල් තක්සේරු කවුන්සිලය (HAC) සහ හලාල් විද්‍යා මධ්‍යස්ථානය අතර ඇති අන්‍යෝන්‍ය සහයෝගය අතීතයේ සිට පැවත එන්නකි. 2019 වසරේදී, ශ්‍රී ලාංකිකයින් පරිභෝජනය කළ ආනයනික කිරිපිටිවල ඌරු මස් මේදය සහ ෆාම් ඔයිල් අන්තර්ගත බවට එල්ල වූ චෝදනාව හලාල් විද්‍යා මධ්‍යස්ථානය මැදිහත් වී ඉතා සාර්ථක ලෙස මැඩපවත්වන ලදී. එහිදී ඔවුන් වෙළඳපොළ තුළින් ලබාගත් සාම්පල පරීක්ෂා කොට ඒවායේ කිසිඳු ආකාරයක ඌරු මස් මේදය හෝ ෆාම් ඔයිල් අන්තර්ගත නොවන බව සහතික කිරීමට කටයුතු කළහ. එම කාලෝචිත මැදිහත්වීම, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට විශ්වාසදායක තොරතුරු මත පදනම්ව තීරණ ගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලදී.

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය සහ ස්ථිර නියෝජිතවරිය වන අතිගරු E.A.S. Wijayanthi Edirisinghe මැතිණිය, තායිලන්තයේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපතිනිය වන අතිගරු Hala Youssef Ahmed Ragab මැතිණිය සහ ශ්‍රී ලංකාව, ඊජිප්තුව සහ පාකිස්ථානය යන රටවල ජාත්‍යන්තර නියෝජිතයින් ද මෙම හමුවට සහභාගී වූහ. එලෙස සහභාගී වූවන් හට හලාල් විද්‍යා මධ්‍යස්ථානයේ අති නවීන පර්යේෂණ සහ පරීක්ෂණ පහසුකම් සියැසින් දැකබලා ගැනීමට අවස්ථාව උදා කරමින් හලාල් අධිකරණ වෛද්‍ය විද්‍යාගාරය වෙත සංචාරයක්ද හිමිවිය.

මෙම අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර විද්‍යා ක්ෂේත්‍රයේ සහ හලාල් සහතිකකරණයේ ඇති ශක්තිමත් සහයෝගිතාවය මනාව විදහා දක්වන අතර එමඟින් ලොව පුරා සිටින පාරිභෝගිකයින්ට හලාල් නිෂ්පාදන බාධාවකින් තොරව සහ ආරක්ෂිතව ලබාගත හැකි බව සනාථ කරයි.

Exit mobile version