Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මියන්මාරයේදී පරිගණක අපරාධ සඳහා යොදවා සිටි තවත් 20ක් දිවයිනට

මියන්මාරයේදී පරිගණක අපරාධ සඳහා යොදවා සිටි තවත් 20ක් දිවයිනට

මියන්මාරයේදී පරිගණක අපරාධ සඳහා යොදවා සිටි තවත් 20ක් දිවයිනට

මියන්මාරයේ ත්‍රස්ත පාලන ප්‍රදේශයක චීන පාතාල කණ්ඩායම් ග්‍රහණයේ සිට මුදාගත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනා (05) රාත්‍රීයේ දිවයිනට පැමිණියා.

මීට දින කිහිපයකට පෙර ඔවුන් මුදා ගැනුණු අතර තායිලන්තයේ බැංකොක්හි සිට ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ අයි.ඕ.එම් හෙවත් සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ අනුග්‍රහය යටතේයි.

මියන්මාර තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ තියන ප්‍රදේශයක ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 50කට වැඩි පිරිසක් බලෙන් රඳවාගෙන ඉන්න බව, වසරකට ආසන්න කාලයක සිට වාර්තා වෙමින් සිටිනවා.

පරිගණක රැකියා දෙනවා කියල මෙයාලව මියන්මාරයට අරන් ගිහින් විවිධ පරිගණක අපරාධවලට යොදවා තිබුණා. ඒ අපරාධ ඉලක්ක සම්පුර්ණ කරගන්න එක ලෙහෙසි පහසු නෑ. ඉතාම ආමාර් වැඩක්. දිනපතා දෙන ඉලක්කය සම්පුර්ණ කරගන්න බැරි වෙන අපේ තරුණ තරුණියන්ට චීන අපරාධකරුවො කරන්ට් එක අල්ලනවා. දරුණු ලෙස පහර දෙනවා. චීන අපරාධකරුවො, ඒ වගේ වද හිංසා, පුරුද්දක් විදිහට කරගෙන ගියා.

පහුගිය අවුරුද්ද පුරාවටත්, අද දක්වාත්, මේ ළමයින්ගේ අම්මලා තාත්තලා, අයි,ඕ එම් එක වගේම මියන්මාර තායිලන්ත තානාපති කාර්යාල, විදේශ කටයුතු අමාත්‍යංශය, ඇතුළු විශාල පිරිසක් කණ්ඩායමක් විදිහට තවමත් ඉන්නේ ලොකු සටනක.

Exit mobile version