Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඌව ආණ්ඩුකාර මුසම්මිල් තනතුරෙන් ඉල්ලා අස් වේ

ඌව ආණ්ඩුකාර මුසම්මිල් තනතුරෙන් ඉල්ලා අස් වේ

ඌව ආණ්ඩුකාර මුසම්මිල් තනතුරෙන් ඉල්ලා අස් වේ

ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.

ඔහු එහි සඳහන් කර ඇත්තේ තමා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වන බවය.

එහි මුසම්මිල් මහතා තවදුරටත් සඳහන් කර ඇත්තේ තමා ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කළ බවය.

මුසම්මිල් මහතා 2011 සිට 2016 දක්වා කොළඹ නගරාධිපති ලෙස කටයුතු කළේය.එසේම 2017 – 2019 යහපාලන ආණ්ඩුව සමයේදී ඔහු මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කර තිබුණි.

අනතුරුව ඔහුව 2019 වසරේදී බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ අතර 2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුව ඌව පළාතේ ආණ්ඩුකාර ධුරයට පත්කළේය.

Exit mobile version