Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

මෙම සැප්තැම්බර් මස 07 සහ 08 දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා/පිරිමි නියාමක තනතුර බඳවා ගැනීම සඳහා වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ඔක්තෝබර් මස 05 සහ 06 දිනයන්හිදී පැවැත්වීමට කටයුතු ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කාන්තා/පිරිමි නියාමක තනතුරේ පැවැති පුරප්පාඩු සඳහා බඳවාගැනීමට 2023.09.15 වන දින නිකුත් කල ගැසට් පත්‍රයේ පරිදි විභාග දෙපාර්තමේන්තුව මගින් ලිඛිත පරීක්ෂණයක් පවත්වන ලද අතර එම ලිඛිත පරීක්ෂණයෙන් සමත් වු අයදුම්කරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය සහිතව මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වීමට සැලසුම් කර තිබිණී.

මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ලබන මස 05 සහ 06 දිනයන්හිදී පල්ලේකැලේ, අගුණකොලපැලැස්ස, අනුරාධපුර සහ කොළඹ යන මධ්‍යස්ථානවල පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ සඳහා සුදුසුකම් ලද සියලුම අයදුම්කරුවන් වෙත දන්වා සිටි.

Exit mobile version