Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාම යෝජනා

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18ක අතුරු තහනම ඉවතට

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18ක අතුරු තහනම ඉවතට

පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාම යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඒකාබද්ධව කළ යෝජනාවකට අනුවයි.

පළාත් පාලන මැතිවරණය සඳහා මේ වනවිට ලබා දී ඇති නාමයෝජනා අවලංගු කිරීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේය.

අදාළ අනුමැතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිත බවද, අමාත්‍යවරයා පවසයි.

ඡන්ද දායකයින් ලෙස නව ලක්ෂ තිස්දහසක පිරිසක් අලුතින් ලියාපදිංචි වීම සහ තරුණ සහභාගීත්වය ඉහළ දැමීම සැලකිල්ලට ගෙන මෙම යෝජනාව ඉදිරිපත් කළ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළේය.

Exit mobile version