Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධිකරණයට අපහාස කළේ යැයි මෛත්‍රීට එරෙහිව පෙත්සමක්

අධිකරණයට අපහාස කළේ යැයි මෛත්‍රීට එරෙහිව පෙත්සමක්

අධිකරණයට අපහාස කළේ යැයි මෛත්‍රීට එරෙහිව පෙත්සමක්

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සලකාබැලීම සඳහා මේ මස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම සඳුදා දිනයේ (02) අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව සඳහන් කළේය.

ඒ අනුව ඔහු සභාපති ධුරයේ අඛණ්ඩව කටයුතු කිරීමක් නොකළ බවත් ඔහු අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අපහාසයක් සිදුකර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 27 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු සාමාජිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබූණි.

පෙත්සම්කරු කියා සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් අප්‍රේල් මස අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.

එවැනි අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙන බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතාට සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Exit mobile version