Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශෙයික් හසීනාට තවත් මිනී මැරුම් චෝදනා 5ක්

ශෙයික් හසීනාට තවත් මිනී මැරුම් චෝදනා 5ක්

ශෙයික් හසීනාට තවත් මිනී මැරුම් චෝදනා 5ක්

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාට විරුද්ධව තවත් මිනී මැරුම් චෝදනා පහක් ගොනු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ වන විට හිටපු අග්‍රාමාත්‍යවරියට විරුද්ධව ගොනු කර ඇති සම්පුර්ණ නඩු සංඛ්‍යාව 71ක් බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

හිටපු අග්‍රාමාත්‍යවරිය,හිටපු ඇමතිවරුන් සහ පොලිස් නිලධාරීන්ට එරෙහිවයි මෙම නව නඩු පහ ගොනු කර ඇත්තේ.

ඉන් නඩු 4ක් ඩකා මහාධිකරණයේ හා අනෙක් නඩුව රාජ්ශාහි අධිකරණයේ ගොනු කර ඇති බවද සදහන්. විරෝධතා අතරතුරදී අගෝස්තු 3වන දින දුලාල් හෙවත් සෙලීන් නමැත්තා ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ශෙයික් හසීනා ඇතුළු 48 දෙනෙකු වග උත්තරුවන් ලෙස නම්කිරීමට පළමු නඩුවේදී කටයුතු කර තිබෙනවා.

හිටපු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා, අවාමි ලීගයේ මහලේකම්වරයා හා අවාමි ලීගයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුද ඊට ඇතුළත් වේ.

Exit mobile version