Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉඩම් තක්සේරු දර්ශකයේ වර්ධනයක්

ඉඩම් තක්සේරු දර්ශකයේ වර්ධනයක්

ඉඩම් තක්සේරු දර්ශකයේ වර්ධනයක්

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2024 වසරේ පළමු භාගයේදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 6.9%ක වැඩිවීමක් වාර්තා කර තිබෙනවා.

මේ සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක 03ම පිළිවෙළින් 8.5%ක, 8.5% සහ 3.7%ක වාර්ෂික වාර්තා කරමින් දායක වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ.

මෙහිදී අර්ධ වාර්ෂික පදනමින් ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක 2024 වසරේ පළමු භාගයේදී, 2023 වසරේ දෙවන භාගයේදී වාර්තා වූ අගයන්ට සාපේක්ෂව වැඩි වේගයකින් වර්ධනය වී ඇති බව සඳහන්.

තවද වාණිජ සහ නේවාසික අනු දර්ශකවලට සාපේක්ෂව කාර්මික අනු දර්ශකය අඩු වේගයකින් වැඩි වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

Exit mobile version