Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සැප්තැම්බර් 7 ජනපති අපේක්ෂක විවාදයට 39 දෙනාටම ඇරයුම්

සැප්තැම්බර් 7 ජනපති අපේක්ෂක විවාදයට 39 දෙනාටම ඇරයුම්

සැප්තැම්බර් 7 ජනපති අපේක්ෂක විවාදයට 39 දෙනාටම ඇරයුම්

2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

ඒ සඳහා අනෙකුත් අපේක්ෂකයන්ද දක්වන උනන්දුව සැලකිල්ලට ගනිමින් මෙම විවාදය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමටද මාර්තු 12 ව්‍යාපාරය තීන්දු කර ඇත.

මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව අපේක්ෂකයින් 39 දෙනාටම විවෘතව මෙම විවාද මාලාව සඳහා ආරාධනා කරන අතර ඒ සඳහා අපේක්ෂකයන්ගේ කැමැත්ත ඊමේල් ලිපිනයට අගෝස්තු 24 වනදා මධ්‍යහ්න 12ට පෙර යොමුකරන ලෙසද දැනුම්දෙයි.

මීට අදාළ වැඩි විස්තර පහත දුරකථන අංකයෙන් ලබාගත හැකි බවත් මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව සඳහන් කරයි.
Email – march12movement@gmail.com
සම්බන්ධීකාරක – සුදාරක අර්ථනායක – 94724824460

Exit mobile version