Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් 6 දෙනා අතර මුහුණට මුහුණ විවාදයක්

ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6 දෙනා අතර මුහුණට මුහුණ විවාදයක්

ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6 දෙනා අතර මුහුණට මුහුණ විවාදයක්

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් පැවැත්වීමට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය කටයුතු සංවිධානය කර තිබේ.

එහි විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ සැප්තැම්බර් මස 07වනදා එම විවාදය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ විවාදය සඳහා ප්‍රධාන අපේක්ෂකයින් 6 දෙනෙක් සහභාගී කරවා ගැනීමට නියමිත බවයි.

මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ, සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරග කරන ආරියේන්ද්‍රන් යන ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා ආරාධනා කර ඇත.

එම විවාදය මෙරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය නාලිකා 07ක් සහ සමාජ මාධ්‍ය පිටු 200කට ආසන්න ප්‍රමාණයක් ඔස්සේ සජීවීව විකාශය කිරීමට අපේක්ෂා කරන බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසා සිටියි.

Exit mobile version