Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් නෙරපා හැරේ

තායිලන්ත අග්‍රාමාත්‍ය ධූරයෙන් නෙරපා හරීයි

තායිලන්ත අග්‍රාමාත්‍ය ධූරයෙන් නෙරපා හරීයි

තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්තා තව්සින් එම ධූරයෙන් නෙරපා හැර තිබේ. ඒ අධිකරණ නියෝගයකට අනුවයි.

තව්සින් අගමැති ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සෙනෙට් සභිකයින් 40 දෙනෙකු විසින් ඉකුත් මැයි මාසයේදී පෙත්සමක් ගොනු කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ පෙත්සම විනිසුරුවරුන් 09 දෙනෙක් යටතේ බදාදා දින (14) සලකා බලා තිබේ.

තායිලන්තයේ වසර නවයක හමුදා ආධිපත්‍යයක් සහිත වූ ආණ්ඩුක්‍රමය අවසන් කරමින් 62 හැවිරිදි තව්සින් අගමැති වූයේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීය.

වසර 16ක් තුළ ව්‍යවස්ථාදායක අධිකරණය මගින් අගමැති ධූරයෙන් නෙරපා හැරි තායිලන්තයේ 4වැනි අගමැතිවරයා මොහු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව අගමැතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා තායිලන්තයේ පාර්ලිමේන්තුව රැස් වන තෙක් අන්තර්වාර නායකයෙකු පත් කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version