Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය දේපළ අවභාවිතය ගැන හොයන්න නව වැඩපිළිවෙලක්

රජයේ ආයතනවල ඉහළ තනතුරුවල වෙනසක්

රජයේ ආයතනවල ඉහළ තනතුරුවල වෙනසක්

මැතිවරණ සමයේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් සෙවීම සඳහා මැතිවරණ කොමිසම විසින් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පොලිසිය එක්ව අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතර දිස්ත්‍රික්ක 25 පුරාම එය ක්‍රියාත්මක වන බව සඳහන්.

දැනටමත් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 120ක් පමණ කොමිසම වෙත ලැබී ඇති බව සඳහන්.

මැතිවරණ කොමිසම විසින් ජනතාවට දැනුම්දෙන්නේ මැතිවරණ නීති කඩ කරනු ලබන රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු වහාම කොමිසම වෙත දැනුම්දීමට කටයුතු කරන ලෙසයි.

Exit mobile version