Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ව්‍යාජ දැන්වීමක් ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දිමක්

වියදම් වාර්තා ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

වියදම් වාර්තා ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාව, නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවන බව පවසමින් ව්‍යාජ දැන්වීමක් හුවමාරු වෙමින් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා පැවසුවේ, එම දැන්වීම සහිත සබැඳිය විවෘත කිරීමෙන් වළකින ලෙසයි.

එය සයිබර් වංචාවක් විය හැකි බවත් ඒ හරහා ඔබගේ පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශ්වයන් අතට පත්විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මේ අතර තනතුරු සඳහා නව නිලධාරී මණ්ඩලයක් බඳවා ගැනීම සම්බන්ධයෙන් ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

Exit mobile version