Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් 35ක් නාවික හමුදා භාරයට

අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් 35ක් නාවික හමුදා භාරයට

අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් 35ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු වයඹ මුහුදේදී නාවික හමුදා හමුදා භාරයට ගෙන තිබෙනවා.

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමග එක්ව වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර යාත්‍රා හතරක්ද නාවික හමුදා භාරයට ගත් බව සඳහන්

එම ඉන්දීය ධීවරයින් කල්පිටිය නාවික නෞකා විජය ආයතනය වෙත රැගෙනවිත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් කල්පිටිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

මෙම මෙහෙයුමත් සමඟ මෙම වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා 44ක් සහ ඉන්දීය ධීවරයින් 322ක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබේ.

Exit mobile version