Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 5කට විකුණන්න ගිය ගජමුතු 3ක් සමඟ 5 දෙනෙකු අත්අඩංගුවට

කෝටි 5කට විකුණන්න ගිය ගජමුතු 3ක් සමඟ 5 දෙනෙකු අත්අඩංගුවට

කෝටි 5කට විකුණන්න ගිය ගජමුතු 3ක් සමඟ 5 දෙනෙකු අත්අඩංගුවට

ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වනජීවී හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි පහකට විකිණීමට ගිය ගජමුතු තුනක් සමඟ තරුණයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයින් පුත්තලම, බෝධීරාජපුර, අට්ටවිල්ලුව හා වනාතවිල්ලුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අවුරුදු 24, 32, 40 යන වයස් සීමාවල පසුවන්නන්.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු විදේශ රටවලින් රූපලාවන්‍ය උපකරණ ආනයනය කරනු ලබන්නෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version