Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනමනස විකෘති කරන තොරතුරු පළ නොකරන්න – මැතිවරණ කොමසාරිස් ජනරාල්

වැඩිවන සෑම අපේක්ෂකයෙකු සඳහාම වියදම මිලියන 200ක් - මැතිවරණ කොමසාරිස්

වැඩිවන සෑම අපේක්ෂකයෙකු සඳහාම වියදම මිලියන 200ක් - මැතිවරණ කොමසාරිස්

මැතිවරණය සම්බන්ධ කර ගනිමින් ජනතා මනස විකෘති වන තොරතුරු මාධ්‍ය හරහා පළ නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඉල්ලා සිටිනවා.

මේ අතර සියලුම තේරීම් භාර නිලධාරීන් ඉරිදා (04) දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.

ජනාධිපතිවරණයේ දී රාජකාරී කළ යුතු ආකාරය හා ජනාධිපතිවරණය විධිමත්ව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සියලුම තේරීම් භාර නිලධාරීන් මෙන්ම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.

මේ අතර එළඹෙන සැප්තැම්බර් 21වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාර ගැනීම අගෝස්තු 14 වනදා මධ්‍යහ්න 12ට අවසන් වනවා. අගෝස්තු 15වනදා නාම යෝජනා භාර ගැනීමට නියමිතයි.

මේ වන විට අපේක්ෂකයින් 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

පිළිගත් දේශපාලන පක්ෂ 8ක් ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළේ.

Exit mobile version