Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 පළමු මාස 6 තුළ කෝටි 46,700ක සංචා­රක ආදා­ය­මක්

පළමු මාස 6ට කෝටි 46,700ක සංචා­රක ආදා­ය­මක්

පළමු මාස 6ට කෝටි 46,700ක සංචා­රක ආදා­ය­මක්

මේ වසරේ පළමු මාසය 6 තුළ සංචා­රක ක්ෂේත්‍ර­යෙන් රුපි­යල් කෝටි 46,700ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 1,557) ආදා­ය­මක් උපයා ගැනී­මට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

2023 වසරේ ජන­වාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාල­ප­රි­ච්ඡේ­දය තුළ සංචා­රක ක්ෂේත්‍ර­යෙන් ශ්‍රී ලංකාව උපයා තිබෙන ආදා­යම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 875ක් වන අතර ඊට සාපේ­ක්ෂව මේ වසරේ එම කාල­යේදී උපයා තිබෙන ආදා­යම කැපී­පෙ­නෙන ලෙස ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

පසු­ගිය 2023 වසරේ මුල් මාස හයක කාල­යේදී මෙරට සංචා­රක කර්මා­න්ත­යෙන් උපයා තිබෙන ආදා­යම මෙන් දෙගු­ණ­ය­කට ආසන්න ප්‍රමා­ණ­යක් මේ වසරේ ජන­වාරි මාසයේ සිට ජූනි මාසය දක්වා උපයා තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නව­තම වාර්තා­වක් මඟින් කියා සිටී.

පසු­ගිය වස­රට සාපේ­ක්ෂව මේ වස­රේදී විදෙස් සංචා­ර­ක­යන්ගේ පැමි­ණීමේ ඉහළ වර්ධ­න­යක් පෙන්නුම් කරන අතර මේ වසරේ මුල් මාස 6ක පමණ කාල­යේදී විදෙස් සංචා­ර­ක­යන් 1,010,249 දෙනකු මෙර­ටට පැමිණ තිබේ. පසු­ගිය 2023 වසරේ එම කාල­යේදී මෙර­ටට පැමිණි සංචා­ර­ක­යන්ගේ සංඛ්‍යාව 624,874ක් බව ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය පව­සයි.

Exit mobile version