Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තේ පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළට දැමීමට තීරණයක්

තේ පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළට දැමීමට තීරණයක්

තේ පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළට දැමීමට තීරණයක්

තේ වගාවට පොහොර යෙදීමට ලබා දෙන සහනාධාරය දෙගුණයකින් ඉහළ දැමීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳුදා දිනයේ (29) තීරණය කර තිබෙනවා.

ඒ අනුව තේ වගාවට පොහොර යෙදීම සඳහා වගාකරුවන් උනන්දු කරවීමේ අරමුණින් රුපියල් 2000ක සහනාධාරයක් ලබා දීමට තීරණය කළත් තේ නිෂ්පාදනය ඉහළ නැංවීමට එම මුදල ප්‍රමාණවත් නොවන බැවින් එම සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමටයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් ලබා දී ඇත්තේ.

මෙරට වාර්ෂික තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 260ක් දක්වා අවම වී ඇති අතර එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 300ක් දක්වා ඉහළ නැංවීම ඉලක්කය වනවා.

ඒ අනුව එළැඹෙන මහ කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ලබා දෙන අතර දැනට රාජ්‍ය පොහොර සමාගම විසින් රුපියල් 2000කින් අඩු කරන ලද තේ පොහොර මිල ගණන් තවත් රුපියල් 2000කින් අඩු කිරීමට කටයුතු කෙරෙන බව සඳහන්.

මෙම සහනාධාරය සඳහා රුපියල් බිලියන 02ක් වැය කෙරෙන අතර එම මුදල ලංකා තේ මණ්ඩලයේ අරමුදල් මගින් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Exit mobile version