Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අගෝස්තු 19 හා 20 යන දිනයන්හි වන අලි සංගණනයක්

අගෝස්තු 19,20 දිනවල වන අලි සංගණනයක්

අගෝස්තු 19,20 දිනවල වන අලි සංගණනයක්

දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අගෝස්තු 19 සහ 20 යන දිනවල එය සිදු කරන බවයි.

ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත කරන ලද බහු කාර්ය නිලධාරීන් 4500 දෙනෙකු යොදවා තිබේ.

ඊට අමතරව අදාළ සංගණනය පැවැත්වෙන්නේ, සියලු වනජිවී නිලධාරින් මෙන්ම යුධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේද දායකත්වයෙනි.

සංගණනය සඳහා නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයිද වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

අවසන් වරට මෙරට තුළ වන අලි සංගණනයක් සිදු කළේ, 2011 වසරේදීයි.

එම වාර්තාවට අනුව මෙරට සිටි වන අලි සංඛ්‍යාව, 5878කි.

Exit mobile version