Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පානීය ජලය ගැන අනාවරණයක්

පානීය ජලය ගැන අනාවරණයක්

පානීය ජලය ගැන අනාවරණයක්

ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ඉතා පිරිසිදු තත්වයේ ජලය ලීටරයක් සත දොළහකට ලබා දෙද්දී රටේ ලක්ෂ පහකට ආසන්න පිරිසක් ලීටරය 150ට බෝතල් වතුර පානය කිරීම හේතුවෙන් එම ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතගේ ප්‍රධානත්වයෙන් යුතු පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවට නිකුත් කරන ජලය ඉතා පිරිසුදු සහ සෞඛ්‍යාරක්ෂිත බවට සහතිකයක් දෙන්නේ යැයි එම මණ්ඩලයේ සභාපතිවරයා කමිටුව හමුවේ පැවසුවේය.

මේ අනුව ජල සම්පාදන මණ්ඩලය නිකුත් කරන ජලය පාවිච්චි කිරීමට පෙළඹීමෙන් බෝතල් ජලය සඳහා වැය වන විශාල මුදල ජනතාවට ඉතිරි කරගත හැකි බව කමිටුව පෙන්වා දුන්නේය.

පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

ඉහළ ජල බිලක් ගෙවන පාරිභෝගිකයන්ගේ නිවෙස්වල ඇති ජල ටැංකිවල පිරිසුදු භාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත භාවය මාස තුනෙන් තුනට නොමිලේ පරීක්ෂා කර වාර්තා නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට කාරක සභාවේ සභාපතිවරයා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේම රට පුරා හෝටල් හා ආපනශාලාවල ජලයේ තත්වය මුදල් අය කර පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසටද කමිටුව උපදෙස් දී ඇත.

Exit mobile version