Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උඩරට දුම්රිය මාර්ගයේ බිංගෙවල් තත්ත්ව පරික්ෂාවක්

උඩරට දුම්රිය මාර්ගයේ බිංගෙවල් තත්ව පරික්ෂාවක්

උඩරට දුම්රිය මාර්ගයේ බිංගෙවල් තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ වාර්ෂික බිංගෙවල් පරීක්ෂණය සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සෙනසුරාදා (27) පැවසීය.

දුම්රිය බිංගෙවල්වල ඇති විය හැකි ජල කාන්දු වීම, ඉරිතැලීම්, බිංගෙයි බිත්ති දුර්වල වීම, බොල් වීම වැනි දෝශ මෙන්ම බිංගෙය තුල දුම්රිය මාර්ගයේ පිහිටීම වෙනස් වීම තාක්ෂණික දෝශ ඇති වීම පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය තාක්ෂණික ක්‍රියා මාර්ග, පිළියම් යෙදීම මෙම බිංගෙවල් පරීක්ෂණයේ අරමුන යැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු කීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරුවන් විසින් මෙම පරීක්ෂණ සිදු කරනු ලබයි.

මෝටර් ට්‍රොලි, ඩක්කු සහ පිරික්සුම් අට්ටාල සවිකරන ලද විශේෂ දුම්රියක සිට මෙම කටයුතු සිදු කරනු ලබන අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ මහනුවර බිංගෙවල් නඩත්තු අංශය, හැටන්, නානුඔය, පට්ටිපොළ, ඔහිය සහ බණ්ඩාරවෙල යන දුම්රිය මාර්ග අංශවල සහය මත මෙම කටයුතු සිදු කල බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version