Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් ඝාතනයට පත් වී 200කට වැඩි පිරිසකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් මිය ගොස් 200කට වැඩි පිරිසකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් මිය ගොස් 200කට වැඩි පිරිසකට තුවාල

ඊශ්‍රායලය විසින් පසුගිය සඳුදා (22) දිනයේ නැවතත් ගාසා ‘ආරක්ෂිත කලාපයට’ ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී.

මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් 70 දෙනෙකු ඝාතනයට පත්ව 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. ඊශ්‍රායල හමුදාව නැගෙනහිර ඛාන් යූනිස් ප්‍රදේශය වෙත කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර දියත් කර ඇත්තේ, නිවැසියන්ට ඉවත්වීම සඳහා කාලයක් ලබාදීමෙන් පසුවය. මීට පෙර මේ කලාපය මානුෂීය තීරුවක් ලෙස නම් කර තිබුණි.

ප්‍රදේශයෙන් ඉවත්වීම සඳහා දැනුම්දීම සිදු කර, පැයකටත් අඩු කාලයකට පසුව මේ පහරදීම සිදු කර ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති.

මේ ප්‍රහාරය තවත් ප්‍රහාර මාලාවක ආරම්භයක් බව සමහර ඊශ්‍රායල් බලධාරීන්ගේ මතය වී තිබේ. දකුණු ගාසා තීරයේ අල්-මාවාසි මානුෂීය කලාපයේ නැගෙනහිර ඇතුළු ප්‍රදේශවලින් ඉවත් වන ලෙස හමුදාව ඊයේ ජනතාවට නියෝග කර තිබුණි.

මිනිසුන්ට ඉවත් වීමට පවා අවස්ථාවක් නොතබා මෙම ප්‍රහාරය සිදු කළ බවට ගාසා ප්‍රදේශයේ වැසියෝ චෝදනා කරති. “ඊශ්‍රායල් හමුදා ඔවුන්ගේ ඉවත් කිරීමේ නියෝග පත්‍රිකා විසි කිරීමෙන් ටික වේලාවකට, පසු නැගෙනහිර ඛාන් යුනිස් වෙත ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ෂෙල් ප්‍රහාර ආරම්භ කළා” මේ ප්‍රහාරයෙන් දරුවන් රාශියක් තුවාල ලැබූ බවද පලස්තීන මාධ්‍යය වාර්තා කර තිබුණි.

Exit mobile version