Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බංග්ලාදේශයේ රැකියා කෝටා ප්‍රශ්නයට අධිකරණ නියෝගයක්; මිය ගිය පිරිස 150 ඉක්මවයි

බංග්ලාදේශයේ රැකියා කෝටා ප්‍රශ්නයට අධිකරණ නියෝගයක්; මිය ගිය පිරිස 150 ඉක්මවයි

බංග්ලාදේශයේ රැකියා කෝටා ප්‍රශ්නයට අධිකරණ නියෝගයක්; මිය ගිය පිරිස 150 ඉක්මවයි

රජයේ රැකියාවලින් 30%ක් නිදහස් සටනට උරදුන් යුද විරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදිය යුතු බවට දුන් අධිකරණ නියෝගයක් හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා බංග්ලාදේශයේ පැවතියේ කලහකාරී තත්ත්වයකි.

මේ වනවිට ඉන් 150කට වැඩ් පිරිසක් මියගොස් ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඉරිදා දිනයේ (21) එරට ශ්‍රේෂ්ඨාධිකරණය සුවිශේෂී නියෝගයක් නිකුත් කළේය. එහි දැක්වෙන්නේ රජයේ රැකියාවලින් 93%ක් සුදුසුකම් මත ලබාදිය යුතු බවයි. යුද විරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදිය යුත්තේ රජයේ රැකියාවලින් 7%ක් පමණක් බව එම නියෝගයෙහි දැක්වෙන බව සඳහන්ය.

මෙම නියෝගය සම්බන්ධයෙන් බංග්ලාදේශ රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.
(21) වන විට දෙවැනි දිනටත් එරට ඇඳිරි නීතිය පනවා ඇති අතර අගනුවර වන ඩකා හි වීථි ජනශූන්‍ය බව වාර්තා වෙයි.

Exit mobile version