Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංචාරක පැමිණීම ඉහළට

සංචාරක පැමිණීම ඉහළට

සංචාරක පැමිණීම ඉහළට

2024 වසරේ ජූලි මාසයේ පළමු දින හත තුළදී පමණක් විදෙස් සංචාරකයින් 43,083ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,053,332ක් බව ඔවුන් සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් පෙන්වා දෙයි.

මෙම වසර සඳහා විදෙස් සංචාරකයින් මිලියනයක් පැමිණිමේ ඉලක්කය සපුරාගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය මාසයේදී සමත් විය.

ජූලි මාසයේ පළමු දින හත තුළදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 13,693ක් ලෙසයි.

මේ අතර 2024 වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළදී ඉන්දියාවෙන් සංචාරකයින් 198,161ක්, රුසියාවෙන් 115,043ක්, එක්සත් රාජධානියෙන් 92,807ක් සහ ජර්මනියෙන් 71,897ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

Exit mobile version