Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 මුල් මාස 6යේ සංචාරක ආදායම 78%කින් ඉහළට

2024 මුල් භාගයේ සංචාරක ආදායම 78%කින් ඉහළට

2024 මුල් භාගයේ සංචාරක ආදායම 78%කින් ඉහළට

2024 මුල් භාගයේ ලද සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,556.6ක් බවත්, එය 2023 වසරේ මුල් භාගයට වඩා 77.9%ක ඉහළ යාමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2023 මුල් භාගයේ වාර්තා වී ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 875කි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2024 ජූනි මාසයේ දී මෙරටට පැමිණි 113,470ක් වූ සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 151.1ක ආදායමක් වාර්තා වී ඇති බවත්ය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2024 මුල් මාස 06 තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව දශ ලක්ෂයේ සීමාව ඉක්මවා ඇති අතර එය 1,010,249ක් ලෙසින් වාර්තා වේ.

මෙය 2023 මුල් මාස 6යේ සංචාරක පැමිණීම වූ 624,874ට වඩා 61.7%ක ඉහළ යාමකි.

Exit mobile version