Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපතිගේ ධුර කාලය ගැන පෙත්සම නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරයි

ඉන්දියාව සමග ඇති කරගත් අවබෝධතාව බලරහිත කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ඉන්දියාව සමග ඇති කරගත් අවබෝධතාව බලරහිත කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

අදාළ නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවට පෙත්සම්කරුට එහිදී නියම කර ඇති බවද සඳහන්.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ නියෝගය සිදුකර තිබෙනවා.

ව්‍යවසායකයෙකු වන සී. ඩී. ලෙනව මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Exit mobile version