දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් නුවරින් ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදාව පලස්තීන ජනතාවට කළ නියෝගයෙන් දෙලක්ෂ පනස්දහසකට අධික ජනතාව දැඩි පීඩනයකට ලක්වී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගාසා තීරයේ දෙවැනි විශාලතම නගරය වන ඛාන් යූනිස් නුවරින් ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදාව කළ නියෝගයෙන් අවතැන්වූවන් සඳහා වන යුරෝපීය රෝහල් භූමියේ කඳවුරුවලින් පලා යෑමට පලස්තීන ජනතාවට සිදුවී ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මස 7වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද ගැටුම් ආරම්භවීමෙන් පසු මේ දක්වා අවම වශයෙන් පලස්තීනුවන් 37,925 දෙනකු ඝාතනයට පත්වී ඇතැයිද, තවත් පුද්ගලයන් 87, 141 දෙනකු තුවාල ලබා ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර තිබේ.

