Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෙහෙළියගේ හා පවුලේ සාමාජිකයන්ගේ තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පුවලට තහනමක්

කෙහෙළියගේ හා පවුලේ සාමාජිකයන්ගේ තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පුවලට තහනමක්

කෙහෙළියගේ හා පවුලේ සාමාජිකයන්ගේ තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පුවලට තහනමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් කොමිෂන් සභාව සඳහන් කළේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ රු. මිලියන 90කට අධික වටිනාකමකින් යුත්, ස්ථාවර බැංකු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු 03ක් තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පියවර ගත් බවයි.

මේ සම්බන්ධයෙන් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ, 53 (1) වගන්තිය ප්‍රකාරව, මුදල් විශුද්ධිකරණ වරද යටතේ මෙම තහනම පැනවීමට පියවර ගත් බව එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව, මහාධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ෂන සිදු කිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Exit mobile version