Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ජනාධිපතිගේ ධුර කාලය ගැන පෙත්සම නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරයි

ජනාධිපතිගේ ධුර කාලය ගැන පෙත්සම නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරයි

ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමාවන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉකුත් බදාදා දින (03) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණි.

ඒ, මොරටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි.

ව්‍යවසායකයකු වන සී.ඩී. ලෙනව මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ගොනු කළ පෙත්සමෙන් දක්වා තිබුණේ 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් අපැහැදිලිතාවයක් නිර්මාණය වී ඇති බවය.

2015දී බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් දක්වා අඩු කරන විට එය ජනමත විචාරණයකට යොමු කළ යුතු වුවත් එසේ සිදුවී නොමැති බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82වැනි ව්‍යවස්ථාව අනුව නිසිපරිදි ජනමත විචාරණයක් නොපැවැත්වීමෙන් 30(2) ව්‍යවස්ථාව නිසි පරිදි සම්මත වී නොමැති බවත්, එබැවින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05 කින්ද, නැතිනම් අවුරුදු 06 කින්ද යනුවෙන් ගැටලුවක් මතු වන බවත් පෙත්සමේ සඳහන්ය.

මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණයෙන් පැහැදිලි අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා තිබේ.

Exit mobile version