Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 200ක් ගෙවා අවසන්

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 200ක් ගෙවලා

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 200ක් ගෙවලා

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

තාක්ෂණික හේතූන් මත බිල්පත් ගෙවීමට නොහැකි වූ කොන්ත්‍රාත්කරුවන්ගේ බිල්පත්ද කඩිනමින් ගෙවා අවසන් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා කීය.

මෙරට දළ ජාතික නිෂ්පාදනයට ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රය 8% -9% දායකත්වයක් ලබා දෙයි. මෙරට ජනගහනයෙන් 20%ක් පමණ ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරනු ලබයි.

Exit mobile version