Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සූර්ය බලශක්තියෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 1000ක්

සූර්ය බලශක්තියෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 1000ක්

සූර්ය බලශක්තියෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 1000ක්

මේ වසරේ ජුනි මාසය වනවිට සූර්ය බලශක්තියෙන් මෙගාවොට් 1000ක් මෙරට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මෙහිදී වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 944ක් සහ බිම්ගත සූර්ය පැනල මගින් මෙගාවොට් 156ක් ජාතික පද්ධතියට එකතු කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම වර්ෂය අවසන් වනවිට වහළය මත සූර්ය පැනල මගින් පමණක් මෙගාවොට් 1000 ඉක්මවූ විදුලි උත්පාදනයක් ජාතික පද්ධතියට එකතු කිරීමට නියමිතයි.

විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන උත්පාදන සැලසුම අනුව ඉදිරි වසර 4 තුළ සෑම වසරකම වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 150 බැගින් ජාතික පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර තිබෙයි.

මෙම වසරේ පළමු මාස 5 තුළ පමණක් වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 132ක් ජාතික පද්ධතියට එකතු කිරීමට හැකිවී ඇති බව බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version