Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දහම් පාසල් ගුරුවරුන් 361 දෙනෙකුට සාම විනිසුරු පත්වීම්

දහම් පාසල් ගුරුවරුන් 361 දෙනෙකුට සාම විනිසුරු පත්වීම්

දහම් පාසල් ගුරුවරුන් 361 දෙනෙකුට සාම විනිසුරු පත්වීම්

නීති විරෝධිව උපයාගත් වත්කම් රාජ සන්තක කිරීමට අදාල පනත් කෙටුම්පත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සුදුසුකම්ලත් දහම් පාසැල් ගුරුවරුන් 361 දෙනෙකු සඳහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු තනතුරු පිරිනැමීම වෙනුවෙන් ගාල්ල Hall Galle De Hall ශාලාවේ පැවති උත්සවයටකට (27) පස්වරුවේ එක්වෙමින්.

ඇතැම් රාජ්‍ය සේවකයින් අල්ලස් කොමිස් ගනිමින් කටයුතු කළත් සමස්තයක් ලෙස රාජ්‍ය සේවකයින් ගෞරවණිය සේවයක් සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එසේම දියුණු රටක් බවට පත්වීමට ශක්තිමත් නීති පද්ධතියක් අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, ගාල්ල සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සම්පත් අතුකෝරළ මහතා විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණා.

Exit mobile version