Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තුවට ගිනි තැබීමෙන් පසු කෙන්යාවේ ජනාධිපති නව බදු සැලැස්ම ඉල්ලා අස්කර ගනී

පාර්ලිමේන්තුවට ගිනි තැබීමෙන් පසු කෙන්යාවේ ජනාධිපති නව බදු සැලැස්ම ඉල්ලා අස්කර ගනී

පාර්ලිමේන්තුවට ගිනි තැබීමෙන් පසු කෙන්යාවේ ජනාධිපති නව බදු සැලැස්ම ඉල්ලා අස්කර ගනී

පාර්ලිමේන්තුවට ගිනි තබමින් සිදුකළ මාරාන්තික විරෝධතාවලින් අනතුරුව බදු වැඩිකිරීම් ඇතුළත් මූල්‍ය පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ පවසනවා.

ජාතිය අමතමින් ඔහු කියා සිටියේ කෙන්යාවේ වැසියන්ට මෙම පනත අවශ්‍ය නොවන බව පැහැදිලි වී ඇති බවයි.

රාජ්‍ය අරමුදල් සහිත කෙන්යාවේ මානව හිමිකම් පිළිබඳ ජාතික කොමිසම (KNHRC) පවසන පරිදි ඇතිවූ විරෝධතාවලින් පුද්ගලයින් 22 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.

ඔහු 2022 දී තේරී පත්වූදා සිට රටෙහි ඇතිවූ විශාලතම විරෝධතාවල ඉදිරියෙන්ම සිටි තරුණයින් සමග සංවාදයකට එළඹෙන බවයි කෙන්යාවේ ජනාධිපතිවරයා පවසන්නේ.

බ්‍රහස්පතින්දා දින(27) උදෑසන අගනුවර හරහා සහ රාජ්‍ය මන්දිරය අවට පොලිස් ආරක්ෂාව තරකර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බොහෝ කෙන්යානුවන් සමාජ මාධ්‍යවල ජනාධිපති නිල නිවසට අද පාගමනක් පවත්වන බව දැනුම් දී තිබූ නිසා මෙලෙස පොලිස් ආරක්ෂාව තර කිරීමට කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

උද්ඝෝෂණවල මූලික අරමුණ වූයේ පනතට අත්සන් නොකරන ලෙස ජනාධිපතිවරයාට බල කිරීමයි.

එහෙත් ඇතැම් විරෝධතාකරුවන් මේ වන විට “රූටෝ යා යුතුය” එනම් “Ruto must go” යන සටන් පාඨය සමගින් ඔහුට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටීමට පටන් ගෙන තිබෙනවා.

Exit mobile version