වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉන්ද්රඛීල මාදොල මහතා ඇතුළු පරිසරවේදීන් පිරිසක් සිදු කළ පර්යේෂණයකින් අනතුරුව සොයාගත් ලෝකයේ එකම “කළුගල කෙතල”(Lagenandra Kalugalensis) ශාකය සංරක්ෂණය කිරීම පසුගිය සඳුදා දින (25) කළුගල රක්ෂිතයේදී සිදු විය. ශ්‍රී ලංකාවේ සිංහරාජ වනාන්තරය ආශ්‍රිත කළුගල රක්ෂිතයට ආවේණික ඒක දේශීය ශාකයක් නිසා මෙම ලෝක උරුම කෙතල ශාකය “කළුගල කෙතල (Lagenandra kalugalensis)” ශාකය ලෙස නම් කර තිබේ.
මෙම ශාකය ලොව කිසිදු රටකින් මෙතෙක් හමුවී නැති අතර “කළුගල කෙතල” ශාකය සෙන්ටිමීටර් 30 – 45 පමණ උසකින් යුක්තය. ස්වභාව සම්පත් සංරක්ෂණ සඳහා ජාත්‍යන්තර ආයතනයේ (I.U.C.N.) නිර්ණායකයන්ට අනුව මෙම ශාකය ලෝකයේ වඳවීයාමේ අතිශය අන්තරාකාර කාණ්ඩයට අයත් බවටද තහවුරු වී තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ සිංහරාජ ආශ්‍රිත කළුගල පරිසර පද්ධතියට ආවේණික “කළුගල කෙතල” ශාකය කළුගල රක්ෂිතයෙන් ලොවට හඳුන්වා දුන් නිසාම එය “කළුගල කෙතල” ලෙස නම් කර තිබේ.
මෙම ලෝක උරුම ශාකය පසුගියදා වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉන්ද්රඛීල මාදොල මහතා, මහාචාර්ය කපිල යකන්දාවල මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්‍භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය ඇතුළු ආචාර්ය, මහාචාර්යවරුන්ගේ දායකත්වයෙන් විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙන් සහ අතලේ මහා විද්‍යාලයේ ගුරුභවතුන්, සිසු දරුවන්, පරිසරවේදීන් පිරිසක් සමඟ ප්‍රදේශයේ පරිසර හිතකාමින් එක්ව කළුගල රක්ෂිතයේ සංරක්ෂණය කරනු ලැබීය.