Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සමග 6 දෙනෙක් අත්අඩංගුවට

ජනපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට මුදල් බෙදූ පුද්ගලයෙකු අත්අඩංගුවට

ජනපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට මුදල් බෙදූ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික සැතපුම් 121ක් පමණ දුර ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් මෙලෙස සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.

යාත්‍රාවේ තිබී කිලෝ ග්‍රෑම් 200කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති අතර එහි සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ යාත්‍රාව ගොඩබිමට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව සඳහන් කළේය.

Exit mobile version