Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමරිකාවට එරෙහිව චීනයෙන් සම්බාධක

ඇමරිකාවට එරෙහිව චීනයෙන් සම්බාධක

ඇමරිකාවට එරෙහිව චීනයෙන් සම්බාධක

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීමට එරෙහි චීනයේ පියවර සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඇමරිකානු Lockheed Martin සංස්ථාවට හා එම සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු පිරිසට එරෙහිව සම්බාධක පැනවීමේ තීරණය පසුගිය 21වනදා චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් සඳුදා දින (24) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය චීනයේ ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.

ඇමරිකාව චීන තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම එකම චීනය මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි චීනය පවසන්නේ.

එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට සිදු කරන දැඩි මැදිහත්වීමක් වන අතර චීනයේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවයටද දැඩි ලෙස හානි කිරීමක් බව ඇය අවධාරණය කළා. සිය රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමේ චීන රජයේ හා ජනතාවගේ දැඩි අධිෂ්ඨානය සහ හැකියාව කිසිදු රටක්, සංවිධානයක් හෝ පුද්ගලයෙකු අවතක්සේරු නොකළ යුතු බවත්, තායිවාන ප්‍රශ්නයේදී සීමාව ඉක්මවා යාමට උත්සාහ කළහොත් වන්දි ගෙවීමට සිදු වන බවද ඇය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Exit mobile version